පොළොන්නරුවේ වි ගබඩා විවෘත කරමින් වි මිලදි ගැනිම ඇරඹෙයි


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර සමිතිවල ඇති වී ගබඩා සියල්ල විවෘත කරමින් රුපියල් ලක්ෂ 2000 ක වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා.

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි ග්‍රාමීය සමූපකාර සමිති මගින් ද වී මිලදී ගැනීම සිදුවනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එම සමිති මගින් වී මිලදී ගැනීම සිදුවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා‌ගේ ප්‍රධානත්වයෙන්.

ගොවීන්ට ඉතා පහසුවෙන් ගමේ පිහිටි සමූපකාරයට වී අලෙවි කිරීමේ අවස්ථාව මෙමගින් උදාවනවා.

 

 



Recommended Articles