පොළොන්නරුවේ ගම්මාන කිපයකට විශේෂ සමනල වර්ගයක්


මැදිරිගිරිය සහ ලංකාපුර  ප්‍රදේශයේ ගම්මාන කිපයක දින ගණනාවක් සිට විදුලි කනුවල සහ පොල්ගස්වල  සමනල  විශේෂයක්  විශාල ලෙස දක්නට ඇති  බව ගම්වාසිහු කියති.

මෙම සමනල වර්ගය දක්නට ඇති බව පවසන්නේ මැදිරිගිරිය බිසෝබංඩාර, අමුණුගම  ගම්මානයේ සහ  ලංකාපුර, වීරපුර, වීරඋදාරගම යන ගම්මාන තුලය. 

මෙම සතුන්  විදුලි කනුවලත් පොල්ගස්වලත් රැදි සිටින කියති.  ගම්වාසින් පවසා සිටින්නේ මෙම සතුන් දිනෙන් දින වැඩිවන බවයි. ප්‍රදේශයේ වගා කර ඇති වී වගාව ඇතුළු  අනිකුත් වගාවන්වලට හානියක් සිදු කිරිමට මෙම  සතුන්ට හැකියාවක් ඇත්දැයි  සොයා බලන ලෙස අදාළ අංශ  වෙතින්  ඉල්ලා සිටි.

රාත්‍රී කාලයේ පියාඹා යන මෙම සමනලුන්  දිවා කාලයේදී ගස් වල සහ විදුලි රැහැන් වල රැදී සිටිනු ලැබේ.

මෙම සමනල විශේෂය නිසා ගොවි ජනතාව තම වගාවන් වලට හානි සිදු වෙදැයි දැඩි බියකින් පසුවන බව  පවසා සිටි.



Recommended Articles