පොළොන්නරුවේ කොවිඩ් රෝගීන් ඉහළට


ඉකුත් අප්‍රේල් 17 දින සිට (09) දින වන විට පොලොන්නරුවේ කොවිඩ් මරණ 10ක් සහ හමුවු  ආසාදිත රෝගින් සංඛ්‍යාව  536 දක්වා ඉහළ ගොස් ඇති අතර වැඩිම අසාදිතයින් හමු වි ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයෙන් බව  පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක  විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.   

පොලොන්නරුවේ කොවිඩ් 19 සම්බන්ධයෙන්  අප විමසා සිටි අවස්ථාවේ පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා මෙසේ පැවැසිය.

ඉකුත් අප්‍රේල් 17 දින සිට මේ දක්වා දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින් 536කුත් මරණ 10කුත් දින දහයක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා රෝගීන් 17 දෙනෙකු පිටව ගොස් තිබෙනවා. පසුගිය කාලය තුලදි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කොට්ඨාස 08 තුලින්  වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වි තිබුනේ හිගුරක්ගොඩ ප්‍රදේශයෙනි. ඒ රෝගීන් 189 දෙනෙකි.

තමන්කඩුව ප්‍රදේශයේන් රෝගීන් 130ක් හමු වි තිබුනා. අනිකුත් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස තුලින් ද කොවිඩ් ආසාදිත රෝගින් හමුව තිබෙනවා. ඊට අමතරව කොවිඩ් රෝගීන් හදුනා ගැනිම සදහා  දිස්ත්‍රික්කය පුරා ඇන්ටිජන් පරික්ෂණ  සහ පි  සි ආර්  පරික්ෂණ දිනපතා  සිදු කරනවා.  ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය නිතිරිති පිලිපදිමින් තමනුත් ආරක්ෂා වී අන් අය වෙත රෝගය පැතිර යැම වැළෑක්විම සදහා කටයුතු සිදු කරන ලෙස පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක  විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි . 

 



Recommended Articles