පොළොන්නරුව බන්ධනාගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වෙයි


කොවිඩ් ආසාදිත රැදවියෙකු පොළොන්නරුව බන්ධනාගාරය තුලින් ඊයේ දින හමු වු බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

පොළොන්නරුව බන්ධනාගාරයේ රැදිවියන් වෙනුවෙන් ඉකුත් (24) දින අහඹු ලෙස තොරාගත් පිරිසකට පොළොන්නරුව මහ රෝහලේදි කල  පී.සී.ආර්. පිරික්ෂණ වල ප්‍රතිපල ඊයේ දින ලැබිමත් සමග  වෙනත් බන්ධනාගාරයකින් රැගෙන ආ රැදවියෙකුට කොව්ඩ් 19 ආසාදිතයෙකු  බව තහවුරු විමෙන් පසු කොවිඩ් ආසාදිත රැදවියා වැලිකන්ද රෝහලට යැවිමට කටයුතු කල බවත් එම බන්ධනාගාරයේ ආසාදිත රැදවියා සමග සමිපතයන් 50 දෙනෙකු  පි.සී.ආර්. පරික්ෂණ අද දින සිදු කල අතර එම පිරිස බන්ධනාගාරය තුලම නිරෝධායනය කිරිමට කටයුතු කල  බව වැඩිදුරටත්  පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

 



Recommended Articles