පොළොන්නරුව පුලතිසිපුර විද්‍යාපීඨයේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලැබු පිරිසක් පිටව යති


පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ 149 දෙනෙකු අද (05) පූර්ණ  සුවය ලබා නිරෝගී පුද්ගලයින් ලෙස නිවෙස් බලා පිටව ගියේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ කොයි පොකුරට අයත් මෙම පුද්ගලයින් 149 දෙනා ඉකුත් විසි එක් වෙනිදා කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර පසුව විසිතුන්වෙනි දින පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති හා විශේෂ කොරෝනා ප්‍රතිකාරයකට ඇතුළත් කර ඇත.

පොළොන්නරුව මහ රෝහල යටතේ මෙම විශේෂ  ප්‍රතිකාර ඒකකයේ රෝගීන් ප්‍රතිකාර ලැබූ අතර අනතුරුව  පූර්ණ සුවය  ලැබූ අය ලෙස මෙම 149 පිටත් කර හැරිය බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසා සිටියේය.

 

 



Recommended Articles