පොහොරවලට ලුණු මිශ්‍ර කර අලෙවි කරන්න හදලා


අධික ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් පොහොරවලට ලුණු මිශ්‍ර කර අලෙවි කිරීම සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණ තොරතුරක් අනුව ඊයේ දහවල් මෙම වැටලීම නින්දාවුර් පොලිස් වසමේ අට්ටපලම් ප්‍ර දේශයේදී සිදුකර තිබේ.

මෙම පොහොර ගොවීන්ට නොමිළයේ ලබාදීමට රජයෙන් නිකුත් කරනු ලැබූ අනුමත පොහොර තොගයක් වන අතර ලුණු ලේවා වලින් ඉවත් කරන ලද ලුණු සමග මෙම පොහොර මිශ්‍ර කර අධික ලාභ ලැබීමේ අපෙක්ෂාවේ මෙම ජාවාරම සිදුකර තිබේ.

මෙහිදී,

01 ලුණු මිශ්‍ර නොකරන ලද පොහොර කිලෝ 50 බැගින් උර 92

02 ලුණු මිශ්‍ර කරන ලද පොහොර කිලෝ 50 බැගින්වූ උර 181

03 ලුණු මිශ්‍ර කර ඇසුම් කිරීමට සූදානම් කර තිබූ පොහොර කිලෝ 25000ක් ඇතුළු උපරකණ තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකරුවන් අවුරුදු 26 -52 අතර පසුව නින්දාවුර්, සයින්ද මරුදු, කලවංචිකුඩි, කල්මුණ හා නීලාවනේ ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි. 



Recommended Articles