පොහොය දින අලෙවි කිරීමට වළදමා තිබූ මත්පැන් බෝතල් 38ක් ගොඩ ගනියි


නිකිණි පොහෝ දා වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිමට ගෙවත්තක වල දමා තිබූ රජයේ අනුමත මත් පැන් බෝතල් 38ක් සමග සැකකරුවෙකු හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (06) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරු සහ මත් පැන් බෝතල් තොගය හැටන් පොලිසියට භාර දී ඇත.

හැටන් ඇබෝස්ලි වතුයායේ සැකකරු පදිංචි නිවස පිටුපස මත් පැන් බෝතල් තොගය වල දමා ඇති බවට හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තවකුමාර් මහතා වෙත ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සැකකරු සහ මත් පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු නිකිණි පොහෝ දා බලපත්‍ර සහිත මත්පැන් සැල් වසා දමා ඇති නිසා වැඩි මිලට වතු කම්කරුවන්ට මත් පැන් බෝතල් අලෙවි කිරිම සදහා මිලදී ගෙන රැගෙන විත් තම ගෙවත්තේ වල දමා තිබූ බවයි සැකකරු අත්අඩංගුවට ගත් හැටන් කොට්ඨාශ දූෂන මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.



Recommended Articles