පොහොය ආරම්භයේදීම සිදුවූ අනතුර


සාලියවැව පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ 18 කණුව ප්‍ර දේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඒම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයකට ඉස්සර කිරිමට යාමේදී ප්‍රවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 21  හා 22 වයස්හි පසුවන තිඹිරිගස්කටුව හා හොරගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් කැබි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. 

 



Recommended Articles