පොහොට්ටුවේ විනය හදන්න සනත් නිශාන්තගේ බිරිදත් එක්කර ගනී


හදිසි අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ  නීතිඥ චමරි පෙරේරා මහත්මියට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කර තිබේ.

එම විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥ රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන මහත්වරුන් පත්කළ බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය. එම මණ්ඩලයේ සාමාජිකයින් හත්දෙනකු පත්කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්නොකිරීමට කීරණය කළ බව ඔහු පැවසීය.

 



Recommended Articles