පොහොට්ටුවට බලය හිමි අලව්ව ප්‍රා සභාවේ අයවැය පරජය වෙයි


ශ්‍රී ල‍ංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රදේශීය සභාවේ 2023 වර්ෂය සදහා ඊයේ (11දා)  ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 09 කින්  පරාජයට පත්විය.

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිනි පද්මා කුමාරි වෑත්තෑව මහත්මිය විසින් අද  අයවැය  වාර්තාව  ඉදිරිපත් කරන ලදි.

මෙහිදී  ශ්‍රී ලංකා පො.ජ.පෙ.05,  එ.ජා.ප. 02 ශ්‍රී .ල.නි. 2 ලෙස  පක්ෂව ඡන්ද ලැබුණු අතර ස.ජ.බ. 06 ,ජ.වි.පෙ.02 ,පො.ජ.පෙ.09 ශ්‍රී.ල.නි.ප.01ලෙස විපක්ෂව ඡන්දය ලබා  දී ඇත.ඒ අනුව වැඩි ඡන්ද 09කින් අද අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂය සදහා වු අයවැය පරාජයට පත්විය.

 



Recommended Articles