ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කිරීමේදී සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව භාවිත කිරීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
සන්ධානයේ නම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බවත්, මෙම සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව භාවිතා කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලාංඡනයක් ලෙස පොහොට්ටුව භාවිත කිරීමට නොහැකි වන බවත් එම පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් බලවේගයක් ලෙස එකට එකතුවී කටයුතු කරන බවත්, එහෙත් සකස් කරගත් බලවේග වෙන් කිරීමට කටයුතු නොකරන අතර, පුළුල් බලවේග වෙන්කිරීමට ප්‍රකාශ සිදුකරනු ලබන්නේ ඉදිරියේදී අස්ථාවර ආණ්ඩුවක් සකස් කිරීමට උත්සහ ගන්නා පිරිස් වන බවත් අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


