පොහොට්ටු මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කරයි


කොටිකාවත්ත ප්‍රාදේශීය  සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී  සුමුදු  රුක්ෂාන් මහතා අද (2දා) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

මන්ත්‍රීවරයා මුල්ලේරියාව බැංකු හංදිය ආසන්න ආසන්නයේ රැදී සිටියදී  ඉතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි  ප්‍රකාශකවරයා කීය.

පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත. මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි



Recommended Articles