පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න තීරණයක් නෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලකුණ පොහොට්ටුවම බවත් එය වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය. අද (09දා) අදට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියන විදිහට පොහොට්ටුවේ ලකුණ වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නෑ. ජනාධිපතිවරණයේදී ලක්ෂ 70ට වැඩියෙන් ඡන්ද ලබා ගැනීමේ ජනතා ආකර්ෂණයක් අපට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එක් පක්ෂයක්. ඒ  පක්ෂය කියන විදිහට ලකුණ වෙනස් කිරීම්ට කොහොමටවත් අවශ්‍යතාවක් නෑ”

රෝහණ වසන්ත

 



Recommended Articles