පොසොන් පොහොයට විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික සමාගමක දායකත්වය


පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා මාලාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවා 20 ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා සේවා 36 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය

මෙම විශේෂ සේවාවන් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ පිරිවැය පෞද්ගලික සමාගමක් විසින් දරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විශේෂ දුම්රිය හෙට (ජුනි 09) සිට ජුනි 12 වන දින දක්වා ක්‍රියාත්මක වෙයි. 

 



Recommended Articles