පොසොන් දා සීගිරියට 11000කට අධික පිරිසක්


පොසොන් පොහෝ දිනයේ සීගිරිය නැරඹීමට සඳහා දේශීය සංචාරකයින්  11600 කට අධික පිරිසක් පැය අටක් තුළ  පැමිණ ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති  කාර්යාලය සඳහන් කළේය.

 මෑත කාලයේ සීගිරිය නැරඹීමට සඳහා පැමිණි වැඩිම ජනගහනය මේ  බව එහි උසස් නිළධාරියෙකු පැවසීය '

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ දේශීය  සංචාරකයන්   සීගිරිය නැරඹීම්ට සඳහා පොසොන් පොහෝදිනය දිනයේ පැමිණ තිබුණු බවත් සියලු සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දෙමින් සංචාරකයන් දැනුුවවත් කිරීමේ වැඩසටහන් ද මෙදින ක්‍රියාත්මක කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ  සීගිරි ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා පැවසීය.

 වෙනත් දිනවල  සීගිරිය නැරඹීමට සඳහා  සාමාන්‍යයෙන් විදේශීය සංචාරකයන්   75ක් 100ත් අතර දෙනෙකු පැමිණෙන බවත්  පොසොන් පොහෝ දින විදේශීය සංචාරකයන් අසූ තුන් දෙනෙකු පමණක් පැමිණ ඇති බව වාර්තා වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

 රටෙහි කිසිදු   කලබලයක් නොමැති වසර  හි පොසොන් දිනයකට 20000  කට  අධික   දේශීය සංචාරකයන් පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණ ඇති බව ඉතිහාස තොරතුරු සොයා බැලීමේදී සොයා  ගැනීමට හැකි වූ බවත් කෙසේ වෙතත් මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පළමු පැය අටක කාලය තුළ 11,000 කට අධික සංචාරකකයන් පිරිසක් පැමිණීම සතුටු විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

 සීගිරිය නැරඹීමට සඳහා පොසොන් පොහොයට පසු එනම් 15 ,16 ,17 යන දිනයන්හිදී ද වැඩි පිරිසක්  පැමිණෙනු ඇතැයි තමා   බලාපොරොත්තු වන බවද විශේෂ අනුරාධපුර පූජා භූමිය වන්දනාමාන කිරිීම දන්සැල් ලබාදීමෙන් පසුව දුර බැහැර ගමන් කරන බොහෝ දෙනා දඹුල්ල සීගිරිය නැරඹීම සඳහා පැමිණීම සාමාන්‍යයෙන්  පවතින  තත්වයක්   බවද හෙතෙම සඳහන් කළේය.

 

 



Recommended Articles