පොලොන්නරුවේ ගම් 12ක් හුදෙකලා කරයි


පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

මෙසේ ගම්මාන 12ක් හුදෙලකලා කිරීමට පියවර ගෙන ඇත්තේ  එම ප්‍රදේශයෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීම හේතුවෙනි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු මෙම ගම්මානවලට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටව යාමට අවසර නොලැබේ.



Recommended Articles