පොලොන්නරුව බන්ධනාගාරයට ගංජා වීසි කළ සැකකරුවෙක් අත්අඩංගුවට


පොලොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ වීසි කරන ලද සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු විසින් බන්ධනාගාරය තුළට විසි කරන ලද පැවැසෙන ගංජා ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 590ක් හා දුම්කොළ ග්‍රෑම් 56 මිලි ග්‍රෑම් 150ක්ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 22ක් වූ ඇතුමල්පිටිය පොලොන්නරුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.



Recommended Articles