පොලීසියේ වෙඩි පහරකින් පුද්ගලයෙකු මරුට


මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍ර දේශයේදී අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී ත්‍රි රෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී ත්‍රි රෝද රථයේ පැමිණි පුද්ගලයන් වසින් පොලිස් නිලධාරීන්ට ගල් වලින් පහරදී තිබේ.

ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින්, රාජකාරියට බාධා කිරීම් කිරීම හේතුවෙන් නිලධාරියෙකු විසින් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇත.

එක් පුද්ගලයෙකු වෙඩි වැදී ඇති අතර තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මරණකරු අවුුරුදු 39ක් වන ලුනාව මොරටුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.



Recommended Articles