පොලීසියේ පුරප්පාඩු 27000


ශ්‍රි ලංකා පොලිසියේ විසිහත්දහසකට අධික සේවක පුරප්පාඩු පැවතිම හේතුවෙන්  අපරාධ මැඩලිම, සමාජ සාමය පවත්වා ගැනිම, නිතිය ක්‍රියාත්මක කිරිම ඇතුළු  අනිකුත් කාර්යභාරයන් කෙරෙහි  සෘජු බලපෑමක් එල්ලවි ඇති බැව්  ශ්‍රිලංකා පොලිසිය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදළාව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.

 පොලිස් විශේෂ කාර්යබලකායේ පුරප්පාඩු 3967ක්, පොලිස් සහායක සේවයේ පුරප්පාඩු 1676ක්  පවතින බවද මෙම වාර්තාවේ සදහන් වේ. මිට අමතරව  සිවිල් කාර්යමණ්ඩලයට අයත්  දෙපාර්තමේන්තුගත සහ  දෙපාර්තමේන්තුගත  නොවන තනතුරුවල  පුරප්පාඩු 3854ක් පැවතුණි.

 මෙකි මානව සම්පත් හිගය හේතුවෙන්  රාජකාරි අධිකවිම නිසා ඇතිවිය හැකි  ශාරිරික හා මානසික පිඩනය  හේතුවෙන් නිලධාරින්ගේ  මානසික හා ශාරිරික  සෞඛ්‍ය තත්ත්වය බිදවැටිම, මහජනතාවට සපයනු ලබන  සේවාවන්හි කාර්යක්ෂමතාවය හා  පලදායිතාවය හිනවිම, ආදි ගැටළු රැසක් ඇතිවි තිබෙන බවද මෙම වාර්තාව මගින් අනාවරණය කොට ඇත.



Recommended Articles