පොලීසියේ ඉහළම නිලධාරීන් 11ක් හෙට විශ්‍රාම යයි


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරු 9ක් හෙට දිනයේදී විශ්‍රාම යාමට නියමිතය. රාජ්‍ය නිලධාරීන් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ රජයේ තීන්දුව අනුව මෙම පොලිස් නිලධාරීන් හෙට දිනයේදී විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ..

මේ අනුව විශ්‍රාම යන නිලධාරීන් පහත පරිදි වෙයි

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ,

ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ ප්‍රනාන්දු  මහතා

ජනාධිපති  ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා

වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අහලකෝන්,

උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්ප.යූ විජිත ගුණරත්,

ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර,

කෑගල්ල දිසාව භාරනියෝජ්‍ය පොලිස්පති  චම්පික සිරිවර්ධන,

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලාල් අපෝන්සු,

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී.එස්.පී. සේනානායක,

නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.එන් පීරීස්,

බස්නාහිර උතුර අපරාධ දිසාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත  ජයකොඩි,



Recommended Articles