පොලිසියේ ලොකු පුටු මාරුවක්


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොම්ෂන් නිර්දේශ අනුව වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතා මෙම නියෝග කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල් කොඩිතුවක්කු අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති එම්.ඩී.ආර්.එස්. දමින්ද සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ කරවිට ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ ධනපාල උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස,

නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.සී සම්පත් කුමාර විශේෂ කාර්යාංශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහනුවර කොට්ඨාස භාර නිලධාරියා ලෙස,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඒ.ජි.යූ.සි හේරත් කුරුණාගල කොට්ඨාස භාර නිලධාරී ලෙස,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ඊ ප්‍රසන්න ගල්කිස්ස කොට්ඨාසභාර නිලධාරී ලෙස,

ජෙෂ්ඨ පොලිස් අධිකාරි සී.කේ රත්නායක පානදුර කොට්ඨාස භාර නිලධාරී ලෙස,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ඩී.යූ.බී. පලියවඩන මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙසද,

ජ්‍යෙෂ්ඨ පොිස් අධිකාරී  කේ.ජී.ඒ.කේ. පියසේකර කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩබ්ලිව්.එම්.එස්. වෙදගෙ තෙල්දෙණිය කොට්ඨාස භාර නිලධාරී ලෙස,

පොලිස් අධිකාරී  ටි.එම්.ඊ.එල්. පෙරේරා මීගමුව කොට්ඨාස බාරනිලධාරී ලෙසත් පත් කර තිබේ 



Recommended Articles