පොලිසියේ නඩු භාණ්ඩ ලෙස තිබූ තේක්ක කොට 12ක් වඩුමඩුවක් අසල කැළෑවකට ගිහින්


පදියතලාව  පොලිසියේ නඩු භාණ්ඩ වශයෙන්  තිබූ තේක්ක කඳන් දොළහක් අධිකරණට ඉදිරිපත් නොකර පදියතලාව වඩුමඩුවකට රැගෙන ගොස්  කැළෑවක සඟවා ගෙන සිටියදී පසුගිය 11 වැනිදා හවස අම්පාර කොට්ඨාස භාර දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර  මේ දැව කඳන් පොලිසියෙන් පිට කිරීම සම්බන්ධයෙන් පදියතලාව පොලිසියේ කොස්තාපල් සිවු දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ මෙම ස්ථාන මාරු ලබා දී ඇත්තේ මෙම පරීක්ෂණ කටයුතු විධිමත්ව  පැවැත්වීම සදහා බවයි. තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගෙන්  කට උත්තර සටහන් කර ගනිමින් සිටින බවද පැවසීය.

පදියතලාව  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහිත ගුණසේන මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ පොලිසියෙන් බැහැරව සිටි බවද මෙම අවස්ථාවේ වැඩ බැලීම සදහා උප පොලිස් පරීක්ෂක වීරකෝන් නැමැති අයෙකි.

පසුගිය 11 වැනිදා පස්වරු 3.40 ට පමණ  අදාළ වඩුමඩුවේ  ලොරිය පොලිසිය තුළට රැගෙන විත් මෙම  දැව තොගය පටවාගෙන වඩුමඩුවට ගෙන ගොස් ඒ අසල කැළෑවක සඟවා ගෙන සිටියදි අම්පාර දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති   උප පොලිස් පරීක්ෂක  පිුයංකර මහතා  ඇතුළු  නිලධාරීන්ට හමු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන්  ඇලුමිනියම්  බොඩි සහිත ලොරිය , එහි රියදුරු  වඩුමඩුවේ හිමිකරු  , පැටවීම සදහා ගිය ගෝලයින්  තිදෙනෙකු  මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව  පදියතලාව පොලිසිය කාලයක් තිස්සේ මෙවැනි දූෂිත කිුයා සදහා දායක වී ඇති බවට තොරතුරු  අනාවරණය වී  ඇතැයි  උසස් නිළධාරි⁣යෙකු පැවසීය.

මෙම කඳන්  දොළහත් සමගම කඳන් විසි දෙකක් අත්අඩංගුවට  ගෙන  පසුගිය ජුලි 17 වැනිදා   අධිකරණයට ඉදිරිපත් කර  ඇත්තේ  කඳන් දහයක් පමණි. එ

ලෙස  ඉතිරි කර ගෙන තබා සිටි තේක්ක කඳන් දොළහ  මෙලෙස පිටතට පටවා ගෙනගොස්  ඇති බවකි.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය  ලබන 16 වැනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන්  පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

පදියතලාව සී.වී. කුමාර

 



Recommended Articles