පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය ලබන අගෝස්තු 5 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති මෙම රැසීමේදී අදාළ තීරණය ගෙන ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 6 වැනිදා පැවැත්වීමටද මෙහිදී තීරණය කර තිබේ.