පොලිස්පති දේශබන්දු ගැන සොයන කමිටුව අද රැස්වෙයි


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද(09දා) යළි රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේ දී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත පසුගියදා ලබා දුන් අතර, තවත් සාක්ෂි කරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ දෙකක් පාර්ලිමේන්තුවට පැමිණ අධ්‍යනය කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය මත විත්තාකාර පාර්ශ්වයට අවස්ථාව හිමිවිය.



Recommended Articles