පොලිස් සිරමැදිරියේදී සිටියදී ඇද වැටුණු සැකකරුවෙක් රෝහලේ


පයාගල පොලීසියේ සිරමැදිරියේ සිටි පයාගල, ඈතගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු කිසියම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දහවල් සිරමැදිරිය තුළ ඇද වැටී හිසට සිදුවූ තුවාල සහිතව අද 03දා රෝහල්ගත කර බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල්ගත කර ඇති පුද්ගලයා විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන පයාගල පොලීසියේ සිරමැදිරියේ රඳවා සිටි බව වාර්තා වේ.



Recommended Articles