පොලිස් ජීප් රියක් ප්‍රපාතයට


බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් ඊයේ (11)දවල් බදුල්ල කහටරුප්ප මාර්ගයේ  මුතුමාල ගොවිපල  ප්රය දේශයේදී අඩි 40 ක පමණ ප්රකපාතයකට පෙරලී තේවත්තක ගසක ගැටී නතරවි ඇතැයි    බදුල්ල පොලිසිය පවසයි .

අනතුර සිදුවන අවස්ථාවේ  පොලිස් නිලසුණඛයෙක්  නිළ සුනඛ  අංශයේ  නිළධාරින් දෙදෙනෙක් ඇතුලු පොලිස් නිළධාරින් 5 දෙනෙක්  හා සිවිල් පුද්ගලයෙක් (පැමිණිලි  කරුවෙක්)ද  මෙම ජීප්රියේ ගමන්කළ නමුත් පොලිස් නිළධාරින් තිදෙනෙකුට පමණක් තුවාල සිදුවී ඇති බවත්  ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කළ බවත් ජ්යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .

ජල මොටර්  සොරකම් කීපයක්  සම්බන්ධයෙන් විමර්ශන විමර්ශන සිදුකිරීමට යද්දි මෙම අනතුර සිදුව තිබේ .

වංගුවක් සහිත ස්ථානයකදී   වැසි ජලය සමග මාර්ගය ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන වලදි අනාවරණය වී තිබේ

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles