පොලිස් කොස්තාපල්වරු 890ක් විසිර යති


කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික  පොලිස් කොස්තාපල්වරුන් 890 දෙනෙකු පපසුගියදා (06දා) පස්වරුවේ එම විදුහල් සරඹ භූමියේ දී  විසිරයන ලදී.

එහි අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ ඇරයුමෙන් විසිරයාමේ පෙලපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පොලිස් සුභසාධන සහ වෛද්‍ය කොට්ඨාස භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සහභාගි වූ අතර , ජේෂ්ඨ  පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

මෙහිදී අති දක්ෂතම පොලිස් කොස්තාපල්වරයාට හිමි කුසලානය  එම්.එච්.එම්.අහ්සන් (101369) විසින් හිමිකරගනු ලැබීය.

පානදුර සුමිත් පොතුපිටිය 

 



Recommended Articles