පොලිස් කොමිසමේ නව සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය


ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වු අතර එහිදි නව සාමාජිකයින් සඳහා අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති අතර එම නම් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ දිනයේ දීම යොමුකර ඇති බව වාර්තා වෙයි.



Recommended Articles