පොල්‌ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි


මධ්‍යම කදුකරයේ ඉහළ  ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක්  අද (11) දින විවෘත කළ බව එහි ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය  සඳහන් කළේය.

ඒ අනුව අද (11) පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු දෙක් ද අධික වර්ෂාව  පැවතී ඊයේ (10) දින වාන් දොරටු පහක්ද  අඩි හතරක් බැගින් ද එසවීමට කටයුතු කෙරිණි.

මේ හේතුවෙන් ජලාශය පහල වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව  අවධානයෙන් සිටීය යුතු බව ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.

 දුම්බර _ එම්. ආර්. ප්‍රදීප්



Recommended Articles