පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙක් වෙඩිි වැදි මියයයි


පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු වෙඩි වැදී මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.

අදාළ සෙබළා ඊයේ (24) පස්වරුවේ ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි වැදී මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙය සියදිවි හැනිකර ගැනිමක් ද යන්න පිළිබඳ පරික්ෂණ ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.




Recommended Articles