පොල්තෙල් සාම්පල 55න් 47කම ඇල්ෆටොක්සීන්


ශ්‍රී ලංකාවේ පොල්තෙල්වලින් සියයට 84ක් විස සහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

‘Talk with Chamuditha’ යූ ටියුබ් නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ ලබාගෙන ඇති පොල්තෙල් සාම්පල 55කින් 8ක පමණක් ඇල්ෆටොක්සීන් නොමැති බවට පොල් සංවර්ධන අධිකාරිය කළ වාර්තාවකින් හෙළිව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉතිරි සාම්පල 47 තුළම අඩු - වැඩි වශයෙන් ඇල්ෆටොක්සීන් ඇති බවට තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

 



Recommended Articles