පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත වෙයි


මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (07) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාල ප්‍රකාශකයෙක්  සඳහන් කළේය.

ඒ අනුව පොල්ගොල්ල වේල්ල වාන් දොරටු දෙකක් අඩි 1 අඟල් 9 බැගින් (1'9") ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ වික්ටෝරියා ජලාශය වෙත තත්පරයට ඝණ අඩි 3500 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.

ඊයේ දිනයේ (06) ජලාශයේ දොරටු 04 ක් විවෘත කර ඇත.

මේ හේතුවෙන් වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බවත් එම ප්‍රකාශකයා  වැඩිදුරටත් පැවැසීය.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles