පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ


මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක්  අද (31) විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව පොල්ගොල්ල වේල්ල වාන් දොරටු හතරක් අඩි 4.8 බැගින් (4.8) ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ වික්ටෝරියා ජලාශය වෙත තත්පරයට ඝණ අඩි 5,500ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.

මේ හේතුවෙන් වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බවත් එම ප්‍රකාශකයා  වැඩිදුරටත් පැවැසීය.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles