පොල්ගහවෙලින් කොරෝනා ආසාදිතයින් 67ක්


පොල්ගහවෙල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 67 දෙනෙකු (22) දා ලැබුණු ප්‍රතිඵල වලින් සොයා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

පොල්ගහවෙල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් 199  දෙනෙකුගේන් පසුගිය (19) දා සිදු  කළ පී.සී .අර් පරීක්ෂණ මගින් 50 දෙනකුත් රෝග ලක්ෂණ තිබූ පුද්ගලයන් විසින් පිටතින් කළ පී.සී.ආර් හා ක්ෂණික ප්‍රතිදේහ  පරීක්ෂා මගින්  17  දෙනෙකු හඳුනාගෙන ඇති බවත් මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් 1500  නිරෝධායනය වන බවත් පසුගිය අප්‍රේල් 17 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 345 ක් පමණ පොල්ගහවෙල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වන බව  සෞඛ්‍ය අංශ පැවසීය.

අලව්ව අධිකාරි මුදියන්සේ



Recommended Articles