පොල්ගහවෙල ගම්මාන කීපයක් හුදකලා කෙරේ


පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ  ගම්මාන කීපයක් (18) දා සවස සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.

ඒ අනුව පොල්ගහවෙල මඩලගම, බන්දාව, අළුත්ගම  යන ගම්මාන මෙසේ සංචරණ සීමා පනවා හුදෙකලා කළ අතර බන්දාව ප්‍රදේශයේ සියළුම  වෙළඳ සැල් වසා දැමීමට ද පොලිසිය කටයුතු කෙරිණි .

ඒ පසුගිය (16) දා  හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පොල්ගහවෙල බන්දාව අළුත්ගම  ප්‍රදේශයේ  පදිංචි 62 හැවිරි කාන්තාවක් ( 17) දා  මිය යාමෙන් පසු මියගිය කාන්තාවට කළ පී.සී.ආර්  පරීක්ෂණයට  ලක් කිරීමෙන් පසු කොරෝනා ආසාදිත බව වාර්තා වි ඇත.

 අලව්ව අධිකාරි මුදියන්සේ 



Recommended Articles