පොදු ප්‍රවාහනයේ සැලසුම්කරණ ලද ගමන්වාර සඳහා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ඇති බවත්, කිසිදු ආකාරයකට පොදු ප්‍රවාහනයට අවහිරතාවයක් සිදුනොවන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා සදහන් කරයි.
එමනිසා කිසිදු ආකාරයකට අනවශ්‍ය ඉන්ධන ගබඩා කිරීම් සහ ඉන්ධන රැස්කිරීම් මගී ප්‍රවාහනයේදී අවශ්‍ය නොවන අතර මගී ප්‍රවාහනයට අවශ්‍ය තෙල් නිකුත් කිරීම සිදු කරන බවද ඒ මහතා පැවසීය
මාධ්‍යයට අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසූ අතර අදාළ ඩිජිටල් ක්‍රමවේදය තුළින් QR කේතය මගින් තෙල් ලබාගැනීමේදී සිදුකළ යුතු ක්‍රියාවලිය මේ වන විට ඉතාම වේගයෙන් සිදුවෙමින් පවතින බවද පැවසුවේය.
ඒ අනූව ඒ ඒ බස් රථය සදහා ගමන්වාරයට අනියුක්ත වූ තෙල් ප්‍රමාණය අනූව එම QR කේතයෙන් තෙල් ලබා ගැනීමට හැකි වන පරිදි QR කේතය ප්‍රතිසංවිධානය කර දෙන බවද පැවසුවේය.
QR කේතය යටතේ විවිධ වූ ඉන්ධන ප්‍රමාණ ලබාදීමට අවශ්‍ය පහසුකම සලස්වන බවද ඒ සදහා ප්‍රවාහන අමාත්‍යංශයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඒකාබද්ධව ගණනය කිරීම් සහ ඊට අදාළ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙමින් පවතින බවද අවධාරණය කළේය.

