පොඩි ලැසී දින 90ක් රඳවාගන්න CIDයට අවසර


ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම නඩුවේ දෙවැනි විත්තිකරුලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දින 90ක්  රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තු මගින් කළ ඉල්ලිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා අද (15) අවසරය ලබා දුන්නේය.

අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි  මෙරිල් රන්ජන් ළමහේවා මහතා විසින්  මේ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කරමින් දෙවැනි විත්තිකරු අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවට ගෙන ප්‍රශ්න කිරිම සදහා දින 90ක රැදවුම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ සදහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අනුමැතිය ලැබි ඇති බවත් කිවේය.



Recommended Articles