පොඩි පැටී අත්අඩංගුවට


පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස්  නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පොඩි පැටී’ නැමැත්තා අද අලුයම  ජීව අත් බෝම්බයක්, ගිනි අවියක්  සහ උණ්ඩ 5 ක් සමඟ අත්අඩංගුවට ගත් බව  කළුතර අපරාධ කොට්ඨාසය කියයි .

කළුතර අපරාධ කොට්ඨාසයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .එල්.ඒ. නයනජිත් මහතාට ලද තොරතුරක් මත , වැලිපැන්න, කුරුඳුවත්ත මීගම පාරෙදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේන් පසු අසල කැලෑවක සඟවා තිබූ  ජීව බෝම්බය, ගිනිඅවිය සහ පතුරම් සොයාගත් බව පොලිසිය කීය.

පානදුර සුමිත් ප්‍රේමතිලක

 

ලද්දුව හේවගේ සුජීව රුවන් කුමාර නොහොත් "පොඩි පැටි" නැමැති 29 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු වූ අපරාධ  රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත්   ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු ගිනි අවිය සහ ජීව බෝම්බය කිසියම් පුද්ගලයෙකුට ලබාදීමට යමින් සිට ඇති බව ද පොලිසිය පවසයි .

සැකකරු මතුගම මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර සුමිත් ප්‍රේමතිලක 



Recommended Articles