පොඩි ණුවන්ගේ බිරිඳ රු. කෝටි තුනක වත්කම් සමග අත්අඩංගුවට


අහුංගල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන "පොඩි නුවන්" නමැත්තා මත්කුඩු ජාවාරමෙන්  නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3 ට ආසන්න වටිනා දේපල සමග ඔහුගේ බිරිඳ  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් දේපළ අතර, රුපියල් කෝටි 11/ 2 ආසන්න වටිනා බහුදින යාත්‍රාවක්, අධි ශීතකරණ සහිත ලොරියක්, ජේ සී බී යන්ත්‍රයක් සහ යතුරුපැදියක් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොඩි නුවන් නමැත්තා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන්  මීට වසරකට අධික කාලයකට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින බවද එම නිලධාරියා කීය.

සැකකරුගේ දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් දීර්ඝ විමර්ශනක් පවත්වා ඉකුත් 20දා පස්වරුවේ මෙම දේපල පොලිස් භාරයට ගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳ වන කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.සැකකාරිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඉන්දිකා රාමනායක

 



Recommended Articles