පොකිරිස්සන් ඇල්ලීමට ගිය කිමිදුම්කරු දැලකට පැටලී මරුට


මුහුදු පොකිරිස්සන් ඇල්ලීමට බෝට්ටුවකින් උස්වැටකෙයියාව මුහුදු තීරයේන් ගෑඹුරූ මුහුදට ගිය මුහුදු කිමිදුම්කරුවකු එලන ලද දැලකට පැටලී මිය ගොස් සිටියදී  හමුවී ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දෙහිවල , පී.ටී.ද සිල්වා මාවත පදිංචිව සිටි තිස් හත වියැති මුහුදු කිමිදුම් කරුවකුද වන මහතන්තීරිගේ .නාමල් උදයශාන්ත යන අයවේ .

මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු සමග ඉකුත් 12දා  රාත්‍රියේ උස්වැටකෙයියාව මුහුදු තීරයෙන් ගැඹුරු මුහුදේ පොකිරිස්සන් ඇල්ලීම සදහා මුහුදට බෝට්ටුවකින් ගොස් ඇත .

ඒ අනුව මුහුදේදී බෝට්ටුවෙන් කිමිදුම්කරු බැස ගැඹුරු මුහුදට පීනාගොස් ඇත .ඒ අතර බෝට්ටුවේ සිටි පුද්ගලයා බලා සිටියත් කිමිදුම් කරු නොපැමිණි නිසා සොයා බැලුවත් ගොඩට නොපැමිණී නිසා  ගොඩට පැමිණ  අනෙකුත් කිමිදුම් කරුවන් දැනුවත් කර ඊයේ (13දා)  සොයා බැලුවත් හමුවී නැති අතර අද  (14දා) උදෑසන මෙම පුද්ගලයා දැලේ පැටලී සිටිනු දැක ඒ අනුව එම සිරුර දෙහිවල වෙරල තීරය දක්වා රැගෙනවිත් දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහල වෙත යැවීමට දෙහිවල පොලීසිය එකව කටයුතු කරනු ලැබිණි. 

දෙහිවල එච් එම් ධර්මපාල 

 



Recommended Articles