පේරේ සිසුවා රිය අනතුරකින් මරුට


කඩුගන්නාව පොලිස් වසමේ ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24  හැවිරිදි සිසුවෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

එම විශ්ව විද්‍යාල සිසුවා කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ ඊයේ (28) රාත්‍රියේ යතුරු පැදියකින් විශ්ව විද්‍යාලය වෙත යමින් සිටියදී කොළඹ දිසාවට ධාවනය වූ වාහන ප්‍රවාහනය කරන කැරියර් රථයක ගැටීම හේතුවෙන් එම ස්ථානයේදීම සිසුවා මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අර නායක ප්‍රදේශයේ පදිංචිකරුවකුු වූ තිවංක පියතිස්ස (24) නැමැති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වෙනි වසරේ සිසුවෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත දේහය පෙරදෙණිය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට තිබෙන අතර කැරියර් රථය පැදවූ බව කියන 24 හැවිරිදි රියදුරු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles