පේරේ කලා පීඨයේ ආචාර්යවරු දේශන වර්ජනය කරති


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් ලබන 18 වැනි දින දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ සිසුන් වැඩි පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම පීඨයේ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය මෙම පියවර ගෙන ඇති බවයි.

ෂේන් සෙනෙවිරත්න

 



Recommended Articles