පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් එම විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයෙකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට එම ශිෂ්‍යාගේ දෙමව්පියන් විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කොට තිබේ .
අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන්ඒ පිළිබඳවඑම ශිෂ්‍ය නවාතැන් ගෙන සිටි නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම් වලින් අනතුරුව ඊයේ (18දා)සවස එම ශිෂ්‍යයා සිටි කාමරය පරීක්ෂා කිරීමේ දීඔහු විසින් ලියන ලදලිපියක් ද පොලීසියට භාර දී තිබේ .
යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සිසුවාපිළිබඳව 16 වැනි දා සිට කිසිදු තොරතුරක් නොමැති බව ඔහු සමග සිටි සමකාලීන සිසුන් දපවසා තිබේ .
ෂේන් සෙනෙවිරත්න

