පේරාදෙණිය සරසවියේ තත්ත්වය ඉහළට


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ආයතනියක අභ්‍යන්තර සමාලෝචනයට අනුව පේරදෙණිය විශ්ව විද්‍යාලය ඒ ශ්‍රේණියේ ගණයට පැමිණ තිබේ .

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් මෙරට විශ්ව විද්‍යාල වර්ගීකරණය කිරීම මෑතකදී ආරම්භ කරන ලද අතර එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලැබී තිබුණේ බී ශ්‍රේණියේ වර්ගීකරණයකි .

ඒ අනුව 2023 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පවත්වනු ලැබූ ආයතනික සමාලෝචනයේදී ඒ ශ්‍රේණිය තත්වයක් ලබා ගනිමින් පේරදෙණිය විශ්ව විද්‍යාලය 81.9% ක විශිෂ්ට ඇගයීම් ප්‍රතිශතයක් ලබා ගනිමින් ඒ ශ්‍රේණියට පැමිණ තිබේ .

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආයතනික සමාලෝචනය යනු විශ්වවිද්‍යාල තුළ මූලික ක්‍රියාකාරකම් වල ගුණාත්මක භාවය පිළිබඳ විමර්ශනය කරන පරිපූර්ණ ඇගයීමකි .

නිර්ණායක දහයක් ඔස්සේ පදනම්වන එම තක්සේරුව සිදුකරනු ලබයි .

1 පාලනය සහ කළමනාකරණය

2 කාර්ය මණ්ඩලයේ ශක්‍යතාවය සහ ගුණාත්මකභාවය

3 විෂය මාලා නිර්මාණය සහ සංවර්ධනය

4 ඉගෙනීම සහ ඉගැන්වීම් ක්‍රියාවලිය

5 ඉගෙනුම් සම්පත්, ශිෂ්‍ය සහාය සහ ප්‍රගතිය  

6 ශිෂ්‍ය ඇගයීම් සහ සම්මාන

7 පශ්චාත් උපාධි අධ්‍යන පර්යේෂණ නවෝත්පාදන සහ වාණිජකරණය

8 දුරස්ථ අධ්‍යාපනය

9 ප්‍රජා සහභාගිත්වය උපදේශනය සහ ප්‍රවේශය

10 තත්ත්ව සහතික යන නිර්ණායක ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කෙරෙයි .

 



Recommended Articles