අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වූ දරුවන්ට අලුතින් පෙළ පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව පැවසුවේ, ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
විනාශ වී ඇති පොත් පිළිබඳ අදාළ දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දිය යුතුය.
ඉන් පසු විදුහල්පතිවරයා විසින් කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මගින් අධ්‍යාපන අමාත්‍යාංශට දැනුම් දෙනු ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

