පෙරේ ඉංජිනේරු සිසුවෙකුත් අතුරුදන්


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ (02දා) සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී 7.00 ට පමණ මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ  නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරෙයෙන් පිටතට ගොස් තිබෙන බවත් ඉන් පසු මේ දක්වා නැවත පැමිණ නැති බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පුලස්ති ප්‍රමුදිත් පෙරේරා (25) නැමැති මෙම සිසුවා නවතැනින් පිටව යාමට පෙර ලිපියක් ද ලියා තබා ඇත.

මෙම සිසුවා ගනේමුල්ල පදිංචිකරුවෙකි. සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මගින් අද පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

චමිල් රූපසිංහ/ෂේන් සෙනෙවිරත්න

 

 



Recommended Articles