පෙරටුගාමී පක්ෂයේ විරෝධතාවයට අධිකරණයෙන් වාරණයක්


පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ති​බේ.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශයේ මෙම විරෝධතාවය පැවත්වීමට අදාළ පක්ෂය විසින් කරුණු සුදානම් කර ඇති බවට වූ තොරතුරු හේතුවෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇ​ති අතර ඒ අනුව මෙම වාරණ නියෝගය ලබාදී ති​බෙන බවට වාර්තා වෙයි.



Recommended Articles