පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට


පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ  විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇ​ත.

ඊයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවවිද්‍යාල පනතට එරෙහි දැවැන්ත විරෝධතාවට එක්වූ චමීර සහ කෝෂිලා, එම විරෝධතාව අවසන්ව නිවෙස් වෙත ගිය පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles