කෝල්ලකෑමක් සම්බන්ධව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට රැගෙනව්ත් කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සිය සරමෙන් ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
ඊයේ (29) මියගොස් තිබූ රැඳවියාට එරෙහි සමාන චෝදනා රැසක් පැවති අතර නඩුකටයුතු රැසක් විභාගවෙමින් තිබූ ඇරෑපොල සිරිපැල්ල පදිංචිකරුවෙකි.
සිද්ධිය වාර්තාවීමත් සමග කඩිනමින් සැකකරු රෝහල්ගතකිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුනද ඒ වනවිටත් සැකකරු මියගොස් තිබූ බවද පොලිසිය කියයි.
මියගිය සැකකරුගේ සිරුර මේවනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැම්ම්පත් කොට ඇති අතර ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පර්‍රීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

