පෙම්වතුන් යුවළක් සුදු ඉරේදී හප්පා පළා ගිය මෝටර් රථය හා රියදුරු දින 5කට පසු අල්ලයි


මොරගහහේන නගරයේ පදික මාරුව මතදී තරුණ පෙම්වතුන් යුවළක් අනතුරට ලක් කර පලාගිය මෝටර් රථ රියදුරු දින පහකට පසුව  අත්අඩංගුවට ගත් බව  මොරගහහේන පොලිසිය කියයි'

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පමණ රියදුරෙකි.

සැකකාර පුද්ගලයා හොරණ දෙස සිට මීපේ ප්‍රදේශයට මෝටර් රථය ධාවනය කිරීමේදී  මොරගහහෙන නගර මධ්‍යයේ සුදු ඉර  මතින් ගමන් ගත් තරුණ යුවල අනතුරට ලක් කර මද වේලාවක දී පළා පලාගොස් තිබිණි.

අනතුරින් තුවාල ලැබූ තරුණ යුවල හෝමාගම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව පොලිසිය කියයි.

 පන්නිපිටිය තලංගම පාර පදිංචි සැකකරු  හොරණ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 



Recommended Articles